Showing posts with label system engineer. Show all posts
Showing posts with label system engineer. Show all posts

Tuesday, August 13, 2019

System engineer කෙනෙක් වෙමුද?

අද අපි කතා කරන්න යන්නේ system engineer වෙන්නේ කොහොමද කියලා.ලංකාවෙ නම් කෙලින්ම engineering discipline එකක් නැ මේකට..නමුත් අපිට සමහර රටවල system engineering කියලා වෙනම education  path එකක් තියෙනවා.ලංකාවෙත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශයෙන් කරන Information systems Engineering සහ SLIIT එකේ තියෙන Computer systems Enginering කියන පාඨමාලා දෙක විතරයි INCOSE(ඊලඟ article එකේ මේ ගැන කතාකරනව) හඳුනාගත් ඒව විදිහට තියෙන්නෙ..

ලෝකයේ විවිධ රටවල් වල මේ සම්බන්ධව තියෙන උපාධි පාඨමාලා සහ අදාල විශ්වවිද්‍යාල ගැන වැඩිදුර විස්තර පහත ලින්කුවෙන්..

 Link >  List of systems engineering universities

 හැබැයි කොහොම කිව්වත් අවසානයේදී system engineer කෙනෙක් වෙන්නේ මොකක් හරි වෙන engineering practise එකක් කරපු කෙනෙක් . උදාහරණයක් විදිහට software enginering කරපු කෙනෙක්ට පුළුවන් software engineering කරල අවසානෙදි system eng. කෙනෙක් වෙන්න.. හැබැයි එයා software සයිඩ් එක විතරක් දැනගෙන ඒක කරන්න බැ.. එයා servers, OS, networking, security වගේ ගොඩක් පැති ගැන හොඳ අවබෝධයක් තියෙනවනං එයාට system engineer කෙනෙක් වෙන්න පුලුවන්..

මේවගේ තව mechanical, electrical, electronic, chemical and precess වගේ ගොඩක් පැතිවලින් ඉංජිනේරු විද්‍යාව හදරපු අයට ලොකු චාන්ස් එකක් තියේ system engineer කෙනෙක් වෙන්න..
System engineer කෙනෙක් වෙන නම් ගොඩක්ම කියන්න ඕනේ උනන්දුව නම් ඉතා විශිෂ්ට වෙන්න ඕන මොකද අපිට අපි ඒ ප්‍රධාන විෂය මාර්ගයෙන් පිටත හිතන්න වෙනවා හොයන්න බලන්න එනවා ඒ වගේම දැනගන්න කොටින්ම කිව්වොත් අපි සමහර කවදාවත් දැකලවත් නැති අහලවත් නැති දේවල් ගැන හොයලා බලලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න වෙනවා. ඒ නිසා කට්ට කන්න බැරිනම් SE වෙන්ඩ පොඩ්ඩක් අමාරුයි .

අපි හිතමු අපි වෙනත් පාඨමාලවක් හදාරල, (engineering හෝ වෙනත්) අපිට system engineering ගැන හදාරන්න , ඒ පැත්තට යොමුවෙන්න ඕන නං මොකද කරන්න ඕන??...

මගේ අත් දැකීම හැටියට නම් ඒකට හොඳම තැන තමා internet එක.. විවිධාකාරයේ article, websites, blogs, videos, tutorials, pdf.....ගොඩගහල තියේ මේ සම්බන්ධව.. විදිමත් විදිහට ඉගෙන ගන්න ඕන කියල හිතෙනවනං අපිට MOOC(Massive Open Online Courses- මේ ගැන ලිපියක් ඉදිරියේදි පලකරනව) එකක් follow කරන්න පුලුවන්..
පහතින් තියෙන්නෙ ඒවගේ free online courses දෙන සයිට් කීපයක system engineering ගැන තියෙන කෙටි කාලීන පාඨමාල කීපයක ලින්කු..‍
https://www.coursera.org
https:/academicearth.org/systems-engineering/
https://www.classcentral.com

මම හිතනව මේ පොඩි article එකෙන් යම් දෙයක් ගන්න ඇති කියල.. උනන්දුව තියෙනවනම් internet එක use කරල මේ කියන field එක වගේම වෙන ඕන දෙයක් දැනගන්න පුලුවන්..  ඒනං system engineering ගැන අලුත් ලිපියකින් හමුවෙමු...🐇

“Engineering stimulates the mind. Kids get bored easily. They have got to get out and get their hands dirty: make things, dismantle things, fix things. When the schools can offer that, you’ll have an engineer for life.”
                                       ― Bruce Dickinson



Tuesday, August 6, 2019

මොකද්ද මේ System Engineering කියන්නේ ?

මුලින්ම කියන්න ඕන මම මේ ගැන ලියන මුල්ම වතාව.. මමත් system engineer කෙනෙක් නෙමෙයි.. ඒත්, දවසක ඒ තැනට යන්න ආසාවක් තියෙන කෙනෙක් විදිහට ඒගැන නිතර හොයන නිසා, මට හිතුන අපේ මේ ගැන වැඩිය නොදන්න, ඒත් මටත් වඩා දක්ෂ සුදුසු පිරිසක් ඉන්නව.. ඒ අයව පොඩි හරි විදිහකින් දැනුවත් කරල, මේ path එකට යොමුකරවන එක තමා එකම අරමුණ...

මගේ මුල්ම Interview එකේ මගෙන් ඇහුව, system engineer කෙනෙක් කියන්නෙ කවුද කියල මගේ අදහස කියන්න කියල.. මගේ අයිඩියා එක, මගේ විව් එක අනුව නන්, system engineer , system engineering කියන්නෙ ගම් එකක් වගේ.. හැම පැත්තකිම්ම එන සහ ගන්න දේවල් එකට අලවල හරියට නිර්මාණයක් කරන එක තමා system engineering කියල මම අදහස් කරන්නෙ..


Wikipeadia වගේ තැන් වල definition බැලුවොත් කියන්නෙ, සංකීර්ණ පද්ධතියක් ඒකෙ ජීවිත කාලය තුල සැලසුම් කිරීම(design) සහ ඒක හැසිරවීම නැත්නම් පවත්වාගෙන යාම.. මේක  engineering නැත්නම් engineering management කියන ක්ෂෙත්‍රයට අදාල වෙන එකක් විදිහට තමා කියන්නෙ..
සරලවම කිවුවොත් එක එක සිස්ටම්, නැත්නං ක්‍රියාවලි ගොඩක් එකතු කරල තනි සංකීර්න පද්ධතියක් ගොඩනැගීම සහ පවත්වාගෙන යාම තමා system engineering කියන්නෙ..  ඒම බැලුවම මේ කියන field එකට අපි දන්න නොදන්න හැම engineering discipline එකක්ම ඇතුලත් වෙනව.. ඒක අදාල කාර්ය නැතනම් ඒ පද්ධතිය මත වෙනස් වෙනව.. mechanical, manufacturing, software, electrical, electeonic, telecommunication, civil.... එකි නොකි හැම එකම අයිති.. ඒ වගේම මේකට management පැත්තකුත් තියේ.. මොකද අපි කලින් කිවුව වගේ සිස්ටම් එක පවත්වාගෙන යන්න,  අපේ බාසාවෙන් manage කරන්න නං management ඕන වෙනව.. ගොඩක් වෙලාවට project management කියන ඒරියා එක තමා ඕන වෙන්නෙ..

මේකෙ අතීතෙ බැලුවොත් 1940 ගනන්වල Bell telephone laboratory  ( දැං මේක Nokia Bell Labs) එකේ තමා මේ system  engineering කියන වචනෙ ඇවිත් තියෙන්නෙ.. ඒ කාලෙ මේකෙ US military  එකට ඕන සංකීර්ණ පද්ධති හදල තියේ.. ( Eg : SIGSALY- ආරක්ෂිත සන්නිවේදන පද්දතියක්)
ඔය හා සමකාලීනව වගේ තමා system engineering වලදි පාවිච්චිවෙන අලුත් methods සහ modeling techniques එලියට ඇවිල්ල තියෙන්නෙ.. USL , UML, QFD, IDEF0 කියන්නෙ ඒවට උදාහරණ.. මෙතනින් UML( Unified Modeling Language) කියන එක software engineering වලදි භාවිත වෙන ප්‍රසිද්ද එකක්.. ඉස්සරහදි මේව ගැන කතාකරමු..



ලංකාවෙ තාම නැති උනත් වෙනත් රටවල system engineering කියල වෙනම engineerin disciple පවා තියෙනව.. ඒ වගේම අන්තර්ජාතික සමුලු, පදනම් ආයතන, නියාමන ආයතනත් මේ system engineering කියන පාත් එකේ තියේ.. ඒවා ගැනත් ඉස්සරහට බලමු..

System engineering  ගොඩක්ම focus වෙන්නෙ  customer ගෙ අවශ්‍යතාව වටහා ගෙන  ඒක මුලදිම analyse කරල  අවශ්‍ය කරන තොරතුරු, ලිපිගොනු එකතු කරගෙන අවසානෙදි ඒ අවශ්‍ය කරන පද්ධතිය නිර්මාණය කිරීමත්, ඒක නිසි පරිදි පවත්වාගෙන යාමත් කියන එක..
Olyver's model කියන ආකෘතියට අනුව මේවගේ අවස්ථාවක system engineering කියන එක කොටස් දෙකක් වෙන්ව..

1. Technical process - පද්ධතිය නිර්මාණයට අදාල තාක්ෂනික කරුණු
2. Management process - පද්ධතිය පවත්වාගෙන යාමට අදාලව කරුනු.

කෝම උනත් අවසානෙදි system engineering කියන ෆීල්ඩ් එක සලකන්නෙ අන්තර්ක්ෂේත්‍ර (interdisciplinary) field එකක් විදිහට.. 

මේකට අපි දන්න හොඳම ලොකුම සංකීර්ණම උදාහරණෙ තමා ISS - Internationa space station එක.. system කීයක එකතුවකින්ද ඒක හැදිල ඇත්තෙ..


දැනට ඇති වගේ.. මේ කලේ system engineering කියන සබ්ජෙක්ට් එකට එන්ටර් උන එක විතරයි අපේ වචනෙන්ම කිවුවොත්.. අනික මේ මම ඉදිරිපත් කරපු අදහස් මම හිතල කායපුව නිසා ඒවගෙ වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. මේගැන ආසාවක් තියේනං google දෙවියො පිහිට පතන්න.. ඕන තරන් දෙවල් හොයාගන්න පුලුවන්..

ඒනං ඊලඟට system engineering education, international organizations on system engineering වගේ දෙවල් ටිකක් ගැන කතා කරමු ඉක්මනින්ම..


First rule of engineering; beware prototypes. Along with, avoid anything made by an engineer who doesn't have all his own fingers .”  - Simon R. Green


වැදගත් ලින්ක්