මුලින්ම කියන්න ඕන මම මේ ගැන ලියන මුල්ම වතාව.. මමත් system engineer කෙනෙක් නෙමෙයි.. ඒත්, දවසක ඒ තැනට යන්න ආසාවක් තියෙන කෙනෙක් විදිහට ඒගැන නිතර හොයන නිසා, මට හිතුන අපේ මේ ගැන වැඩිය නොදන්න, ඒත් මටත් වඩා දක්ෂ සුදුසු පිරිසක් ඉන්නව.. ඒ අයව පොඩි හරි විදිහකින් දැනුවත් කරල, මේ path එකට යොමුකරවන එක තමා එකම අරමුණ...
මගේ මුල්ම Interview එකේ මගෙන් ඇහුව, system engineer කෙනෙක් කියන්නෙ කවුද කියල මගේ අදහස කියන්න කියල.. මගේ අයිඩියා එක, මගේ විව් එක අනුව නන්, system engineer , system engineering කියන්නෙ ගම් එකක් වගේ.. හැම පැත්තකිම්ම එන සහ ගන්න දේවල් එකට අලවල හරියට නිර්මාණයක් කරන එක තමා system engineering කියල මම අදහස් කරන්නෙ..
මගේ මුල්ම Interview එකේ මගෙන් ඇහුව, system engineer කෙනෙක් කියන්නෙ කවුද කියල මගේ අදහස කියන්න කියල.. මගේ අයිඩියා එක, මගේ විව් එක අනුව නන්, system engineer , system engineering කියන්නෙ ගම් එකක් වගේ.. හැම පැත්තකිම්ම එන සහ ගන්න දේවල් එකට අලවල හරියට නිර්මාණයක් කරන එක තමා system engineering කියල මම අදහස් කරන්නෙ..
Wikipeadia වගේ තැන් වල definition බැලුවොත් කියන්නෙ, සංකීර්ණ පද්ධතියක් ඒකෙ ජීවිත කාලය තුල සැලසුම් කිරීම(design) සහ ඒක හැසිරවීම නැත්නම් පවත්වාගෙන යාම.. මේක engineering නැත්නම් engineering management කියන ක්ෂෙත්‍රයට අදාල වෙන එකක් විදිහට තමා කියන්නෙ..
සරලවම කිවුවොත් එක එක සිස්ටම්, නැත්නං ක්‍රියාවලි ගොඩක් එකතු කරල තනි සංකීර්න පද්ධතියක් ගොඩනැගීම සහ පවත්වාගෙන යාම තමා system engineering කියන්නෙ.. ඒම බැලුවම මේ කියන field එකට අපි දන්න නොදන්න හැම engineering discipline එකක්ම ඇතුලත් වෙනව.. ඒක අදාල කාර්ය නැතනම් ඒ පද්ධතිය මත වෙනස් වෙනව.. mechanical, manufacturing, software, electrical, electeonic, telecommunication, civil.... එකි නොකි හැම එකම අයිති.. ඒ වගේම මේකට management පැත්තකුත් තියේ.. මොකද අපි කලින් කිවුව වගේ සිස්ටම් එක පවත්වාගෙන යන්න, අපේ බාසාවෙන් manage කරන්න නං management ඕන වෙනව.. ගොඩක් වෙලාවට project management කියන ඒරියා එක තමා ඕන වෙන්නෙ..

ඔය හා සමකාලීනව වගේ තමා system engineering වලදි පාවිච්චිවෙන අලුත් methods සහ modeling techniques එලියට ඇවිල්ල තියෙන්නෙ.. USL , UML, QFD, IDEF0 කියන්නෙ ඒවට උදාහරණ.. මෙතනින් UML( Unified Modeling Language) කියන එක software engineering වලදි භාවිත වෙන ප්‍රසිද්ද එකක්.. ඉස්සරහදි මේව ගැන කතාකරමු..
ලංකාවෙ තාම නැති උනත් වෙනත් රටවල system engineering කියල වෙනම engineerin disciple පවා තියෙනව.. ඒ වගේම අන්තර්ජාතික සමුලු, පදනම් ආයතන, නියාමන ආයතනත් මේ system engineering කියන පාත් එකේ තියේ.. ඒවා ගැනත් ඉස්සරහට බලමු..
System engineering ගොඩක්ම focus වෙන්නෙ customer ගෙ අවශ්‍යතාව වටහා ගෙන ඒක මුලදිම analyse කරල අවශ්‍ය කරන තොරතුරු, ලිපිගොනු එකතු කරගෙන අවසානෙදි ඒ අවශ්‍ය කරන පද්ධතිය නිර්මාණය කිරීමත්, ඒක නිසි පරිදි පවත්වාගෙන යාමත් කියන එක..
Olyver's model කියන ආකෘතියට අනුව මේවගේ අවස්ථාවක system engineering කියන එක කොටස් දෙකක් වෙන්ව..
Olyver's model කියන ආකෘතියට අනුව මේවගේ අවස්ථාවක system engineering කියන එක කොටස් දෙකක් වෙන්ව..
1. Technical process - පද්ධතිය නිර්මාණයට අදාල තාක්ෂනික කරුණු
2. Management process - පද්ධතිය පවත්වාගෙන යාමට අදාලව කරුනු.
කෝම උනත් අවසානෙදි system engineering කියන ෆීල්ඩ් එක සලකන්නෙ අන්තර්ක්ෂේත්‍ර (interdisciplinary) field එකක් විදිහට..
මේකට අපි දන්න හොඳම ලොකුම සංකීර්ණම උදාහරණෙ තමා ISS - Internationa space station එක.. system කීයක එකතුවකින්ද ඒක හැදිල ඇත්තෙ..
දැනට ඇති වගේ.. මේ කලේ system engineering කියන සබ්ජෙක්ට් එකට එන්ටර් උන එක විතරයි අපේ වචනෙන්ම කිවුවොත්.. අනික මේ මම ඉදිරිපත් කරපු අදහස් මම හිතල කායපුව නිසා ඒවගෙ වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. මේගැන ආසාවක් තියේනං google දෙවියො පිහිට පතන්න.. ඕන තරන් දෙවල් හොයාගන්න පුලුවන්..
ඒනං ඊලඟට system engineering education, international organizations on system engineering වගේ දෙවල් ටිකක් ගැන කතා කරමු ඉක්මනින්ම..
“ First rule of engineering; beware prototypes. Along with, avoid anything made by an engineer who doesn't have all his own fingers .” - Simon R. Green
වැදගත් ලින්ක්
No comments:
Post a Comment