Saturday, August 17, 2019

INCOSE සහ System Engineering


කලින් ලිපි දෙකක් ඔස්සේ ගෙනාපු system engineering ලිපි මාලාවේ කවුරුතු වැඩිය නොදන්න, ඒත් සැහෙන්නවැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න තමා අද මේ මුල පුරන්නෙ...

අපි දන්නව ඕනම field එකක තත්වය පවත්වාගෙන යෑම සහ අදාල පාර්ශවය develop කිරිම සඳහා විවිධ ආයතන තියෙනව.. ගොඩක් අය අහල තියේ ලංකාවේ engineering පිලිබඳව තියෙන්නෙ ප්‍රධාන ආයතන දෙකයි, එකක IESL, අනික IIESL.. ඔය දෙකෙන් තමා engineering සම්බන්ධව තීරන ගන්නෙ.. මෑතකදි ආපු engineering council act එකමගින් පිහිටවපු engineering council එක තමා වර්තමානයේ මේ කියපු ආයතන දෙකම අධීක්ෂනය කරන්නෙ.. අන්න ඒවගේ ලොකෙ system engineering කියන විෂය පථය ඇතුලෙ තියෙන හැම දේම පාලනය වෙන්නෙ වගේම දියුනු වෙන්නෙ මෙන්න මේ අපේ අද topic එක වෙන INCOSE ආයතනය මගින්.. INCOSE = International Council on Systems Engineering., සිස්ටම් ඉන්ජිනියරිං සඳහා වූ ජ්‍යාත්යන්තර සභාව...
මේ ආයතනය ලංකාවෙ සමහරක් ආයතනවගේ නෙමෙයි ලාභ නොලබන (non profit organization) ආයතනයක්.. මේ ආයතනය පටන් අරන් තියෙන්නෙ system engineering කියන විෂය දියුණු කිරීම සහ ඒ ආශ්‍රිත අන්තර්ක්ෂේත්‍ර(interdisciplinareis) මූලධර්ම ප්‍රසිද්ධ කිරීම උදෙසා.. කෝමහරි සරලව කිවුවොත් අවසානෙදි සාර්ථක සිස්ටම් ගොඩනැගීමට උදව් කිරීම තමා අරමුණ වෙන්නෙ..
මේකෙදි incose සමාජිකයන් විසින් ගෝලීය සමාජයක් ගොඩනැගීමත් සිදුවෙනව.. ඒ සමාජය ඇතුලෙ SE වලට අදාල වෘත්තීයවේදියො, අධ්‍යාපනඤයො එකතුවෙනව වගේම සියලු දෙනා එකතුවෙලා එන ප්‍රශ්න වලට මූන දෙන එකත් සිද්ද වෙනව...
ලෝකෙ පුරා හැම අස්සක මුල්ලක ඉන්න Syste engineersලා මේකත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න නිසා අලුත් තොරතුරු, සොයාගැනීම්, වැරදි , අඩුපාඩු, සියලුම දේ දැනගන්න ලැබෙනව.. ඒ වගේම SE වලට අදාල නීති රීති සම්පාදනය කරන්නේ මොවුන්ම තමා.
මෙම INCOSE  ආයතනයේ තියෙන ඊළඟ වැදගත්ම දේ තමා, මේකෙන් ලබාදෙන සහතිකය.. system engineering වලට අන්තර්ජාතික වෘත්තිය සහතිකයක් ලබාදෙන එකම ආයතනය තමා incose කියන්⁣නෙ..
මේම කවුන්සිලය විසින් පද්ධති ඉංජිනේරුවන් තම වෘත්තියේ කොතනක ඉඳියත් ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් හඳුනා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීම තමා මේ multi-level professional certification ක්‍රමවේදය හඳුනවල දීල තියෙන්නෙ.

මූලික වශයෙන් ඒකෙ කොටස් 3 තියනව..

1.INCOSE  ASEP -
Associate System Engineering Professional

2. INCOSE CSEP -
Certified System Engineering Professional

3.INCOSE  ESEP -
Expert System Engineering Professional
මේවා එකින් එක කරගෙන ඉදිරියට යන්න යන්න තමා තියෙන්නෙ.. හැබැයි මේ සහතිකේ සෑහෙන වැලිඩ් එකක් තියෙනව.. ඊට අමතරව මේ INCOSE එක ඇතුලෙ විවිධ work groups තියෙනව.. ඒවට join වෙලා එම කන්ඩායමට අදාල common interest ඒක ගැන වැඩිදුරට සාකච්චා කරන්නල දැනගන්න වගේම අපේ අදහස් ප්‍රකාශ කරන්නත් පුලුවන්. හැබැයි මේ කන්ඩායම් වලට ඒකතු වෙන්න නම් ඉතින් තමන්ගේ විෂය ඇතුලෙ අති දක්ෂයෙක් විය යුතුමයි.

මම මේ ලිපි මාලාව පටන් ගනිත්දිම කිවුව වගේ, මම කරන්නෙ පුංචි  guide කිරීමක් සහ දැනුවත් කිරීමක් විතරයි..ඒනිසා මේ විෂය ගැන හැම අස්සක් මුල්ලකම තියෙන විසතර කියවෙන්නෙ නැ මෙතනදි.. ඒත් ආසාවක් උනන්දුවක් තියෙන කෙනෙක්ට පුලුවන් මේ ගැන හොයල බලල දැනගන්න...

INCOSE වෙබ් සයිට් ලින්ක් එක පහතින් තියෙනව.. මේ ගැන ඔ්නම තොරතුරක් ඒකෙ තියෙනව. මේ ලිපිය පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියල හිතනව..

Links > https://www.incose.org

No comments:

Post a Comment