Tuesday, August 13, 2019

System engineer කෙනෙක් වෙමුද?

අද අපි කතා කරන්න යන්නේ system engineer වෙන්නේ කොහොමද කියලා.ලංකාවෙ නම් කෙලින්ම engineering discipline එකක් නැ මේකට..නමුත් අපිට සමහර රටවල system engineering කියලා වෙනම education  path එකක් තියෙනවා.ලංකාවෙත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශයෙන් කරන Information systems Engineering සහ SLIIT එකේ තියෙන Computer systems Enginering කියන පාඨමාලා දෙක විතරයි INCOSE(ඊලඟ article එකේ මේ ගැන කතාකරනව) හඳුනාගත් ඒව විදිහට තියෙන්නෙ..

ලෝකයේ විවිධ රටවල් වල මේ සම්බන්ධව තියෙන උපාධි පාඨමාලා සහ අදාල විශ්වවිද්‍යාල ගැන වැඩිදුර විස්තර පහත ලින්කුවෙන්..

 Link >  List of systems engineering universities

 හැබැයි කොහොම කිව්වත් අවසානයේදී system engineer කෙනෙක් වෙන්නේ මොකක් හරි වෙන engineering practise එකක් කරපු කෙනෙක් . උදාහරණයක් විදිහට software enginering කරපු කෙනෙක්ට පුළුවන් software engineering කරල අවසානෙදි system eng. කෙනෙක් වෙන්න.. හැබැයි එයා software සයිඩ් එක විතරක් දැනගෙන ඒක කරන්න බැ.. එයා servers, OS, networking, security වගේ ගොඩක් පැති ගැන හොඳ අවබෝධයක් තියෙනවනං එයාට system engineer කෙනෙක් වෙන්න පුලුවන්..

මේවගේ තව mechanical, electrical, electronic, chemical and precess වගේ ගොඩක් පැතිවලින් ඉංජිනේරු විද්‍යාව හදරපු අයට ලොකු චාන්ස් එකක් තියේ system engineer කෙනෙක් වෙන්න..
System engineer කෙනෙක් වෙන නම් ගොඩක්ම කියන්න ඕනේ උනන්දුව නම් ඉතා විශිෂ්ට වෙන්න ඕන මොකද අපිට අපි ඒ ප්‍රධාන විෂය මාර්ගයෙන් පිටත හිතන්න වෙනවා හොයන්න බලන්න එනවා ඒ වගේම දැනගන්න කොටින්ම කිව්වොත් අපි සමහර කවදාවත් දැකලවත් නැති අහලවත් නැති දේවල් ගැන හොයලා බලලා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න වෙනවා. ඒ නිසා කට්ට කන්න බැරිනම් SE වෙන්ඩ පොඩ්ඩක් අමාරුයි .

අපි හිතමු අපි වෙනත් පාඨමාලවක් හදාරල, (engineering හෝ වෙනත්) අපිට system engineering ගැන හදාරන්න , ඒ පැත්තට යොමුවෙන්න ඕන නං මොකද කරන්න ඕන??...

මගේ අත් දැකීම හැටියට නම් ඒකට හොඳම තැන තමා internet එක.. විවිධාකාරයේ article, websites, blogs, videos, tutorials, pdf.....ගොඩගහල තියේ මේ සම්බන්ධව.. විදිමත් විදිහට ඉගෙන ගන්න ඕන කියල හිතෙනවනං අපිට MOOC(Massive Open Online Courses- මේ ගැන ලිපියක් ඉදිරියේදි පලකරනව) එකක් follow කරන්න පුලුවන්..
පහතින් තියෙන්නෙ ඒවගේ free online courses දෙන සයිට් කීපයක system engineering ගැන තියෙන කෙටි කාලීන පාඨමාල කීපයක ලින්කු..‍
https://www.coursera.org
https:/academicearth.org/systems-engineering/
https://www.classcentral.com

මම හිතනව මේ පොඩි article එකෙන් යම් දෙයක් ගන්න ඇති කියල.. උනන්දුව තියෙනවනම් internet එක use කරල මේ කියන field එක වගේම වෙන ඕන දෙයක් දැනගන්න පුලුවන්..  ඒනං system engineering ගැන අලුත් ලිපියකින් හමුවෙමු...🐇

“Engineering stimulates the mind. Kids get bored easily. They have got to get out and get their hands dirty: make things, dismantle things, fix things. When the schools can offer that, you’ll have an engineer for life.”
                                       ― Bruce Dickinson



No comments:

Post a Comment